දෛනික විදුලි කප්පාදුව කිරිබත්ගොඩ නගරයේ කොටසකට පමණක් සිදු කිරිම නිසා තමන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව එහි වෙළෙඳුන් පිරිසක් පවසනවා.
මේ නිසා, උත්සව සමයේ තම ආදායම ද විශාල ලෙස පහත වැටී ඇති බවට යි ඔවුන් චෝදනා කරන්නේ.
කිරිබත්ගොඩ මෙරට ප්‍රධාන පෙළේ වෙළද නගරයක් වන අතර, මේ දිනවළ භාණ්ඩ මිල දී ගැනීම සදහා පැමිණෙන ජනතාවගෙන් නගරය පිරි පවතිනවා.
එහෙත් නගරයේ මාර්ග ආලෝක සංඥා පුවරු ස්ථාපිත කර ඇති ස්ථානයේ සිට ගාල හංදිය දක්වා කොටසට විදුලිය විසංධි නො කෙරෙන අතර, නගරයේ අනෙක් ප්‍රදේශ වලට විදුලි කප්පාදුව සිදු කරන බව යි එම ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.
අප මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාර ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ, නගරාසන්නයේ ඇති රජයේ රෝහල මගින් විදුලිය විසන්ධි නොකරන ලෙස ලිඛිත ව ඉල්ලිමක් කර තිබීම නිසා එම ප්‍රදේශයට විදුලිය විසන්ධි නො කරන බව යි.