පිළිකා මාරයා අරන් ගිය නිපුනිගේ නිසල දේහය බණ මඩුවට ගෙන ආ ආදර්ශවත් බුදු පුතා.. (Video)
හිසෙහි ඇති වූ පිළිකා රෝගී තත්වයකින් මිය ගිය 15 හැවිරිදි පාසල් දියණියකගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානුංගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දුන් සිදුවීමක් වාර්තා වනවා.
ඒ, දැඩිගමුව ප්‍රදේශයෙන්.
මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මිය ගිය පාසල් දැරිය ඇයගේ මව්පියන් සහ සහෝදරියන් දෙදෙනා සමග දැඩිගමුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බව සඳහන්.
පියා ත්‍රී රෝද රථ රියදුරකු ලෙසත් මව පෞද්ගලික අංශයේ ආයතනයක කම්කරු රැකියාවක නිරත ව ඇති බවත් වාර්තා වනවා.
නවගමුව දැඩිගමුව දේවමිත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නිපුනි නිසංසලා නමැති දියණිය මාස කිහිපයකට පෙර හදිසියේ අසනීප තත්ත්වයට පත් වී පිළිකා රෝගී තත්ත්වයක් නිසා මිය ගොස් තිබෙනවා.
ඇය පදිංචි ව සිටි කුලී නිවසේ හිමිකරුවන් දේහය අදාළ නිවසේ තැන්පත් නො කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.
මෙසේ මොවුන් දැඩි අසරණභාවයට පත් ව සිටි අවස්ථාවේ දී මානුංගමුව විහාරස්ථානයේ විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමියන් මැදිහත් වී දේහය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තැන්පත් කර අවසන් ගෞරවය දක්වන ලෙස යි අනුශාසනා කර ඇත්තේ.
ඒ අනුව ඇයගේ දේහය පිළිබඳ ආගමික කටයුතු සියල්ල අද (28) දින විහාරස්ථානයේ දී සිදු කර අවසන් කටයුතු දැඩිගමුව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඇයගේ හත් දවසේ දානමය පිංකම ද මානුංගමුව විහාරස්ථානයේ සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව යි එම විහාරස්ථානයේ විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමියන් පවසන්නේ.