ව්‍යාජ තොරතුරු සොයන්න අවබෝධතා ගිවිසුමක්
Wednesday, 28 December 2022 - 15:31 | Views - 3,547
ව්‍යාජ තොරතුරු ලබාදී විදෙස් රැකියා සඳහා යාම වැළැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අද අත්සන් කෙරුණා.
විදෙස් ගතවන පුද්ගලයින් විවිධ හේතුන් පදනම් කර ගනිමින් තම පෞද්ගලික තොරතුරු වෙනස් කරන බවට ලද පැමිණිලිවලට අනුව එය වැළැක්වීම සඳහා මෙලෙස ගිවිසුමක් අත්සන් කළ බවයි විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
ඒ අනුව, සැක සහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය පරීශිලනය කිරීමට මෙම ගිවිසුමෙන් හැකියාව ලැබෙනවා.
Share This Article