ගත වූ සතියට කොවිඩ් රෝගීන් 43 ක්
Wednesday, 28 December 2022 - 13:19 | Views - 563
කොරෝනා පිළිබඳ නියැදි පරීක්ෂණයක් යළි සිදු කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.
ඒ චීනයේ පැතිර යන කොරෝනා තත්ත්වය පිලිබඳ අවධානයට ලක් කරමින්.
ඉන්දියාව ද මේ වනවිට කොරෝනා අහඹු නියැදි පරීක්ෂාව ආරම්භ කර තිබෙනවා.
චීනයේ පැතිර යන කොරෝනා ප්‍රභේද අතරින් ප්‍රධානතම ප්‍රභේදයක් වන්නේ එක්ස් - බී බී අනු ප්‍රභේදයයි.
කෙසේ වෙතත්, එමගින් ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් සිදුනොවනු ඇති බවයි විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ.
චීනය එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම මෙලෙස යළි කොරෝනා පැතිර යාමට ප්‍රධාන හේතුවක් ලෙස විදෙස් වාර්තාවල දැක්වෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අඛන්ඩව අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.
මේ අතර, ගත වූ සතියක කාලය තුල සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා රෝගීන් 43 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.
Share This Article