වසර 23කට පසු දුම්රියෙන් ආ එළවළු
Wednesday, 28 December 2022 - 12:26 | Views - 820
වසර 23කට පසු දුම්රියෙන් කොළඹ - කොටුවට එළවළු ප්‍රවාහනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාවකට අනුව යි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ මැදිරි 05ක් නිර්මාණය කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ඊයේ (27) පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ - කොටුව දක්වා එළවළු ප්‍රවාහනය ආරම්භ කළ අතර, එම විශේෂ දුම්රිය රාත්‍රි 12ට කොළඹ - කොටුවට ළඟා වුණා.

එමඟින් රැගෙන එන එළවළු කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල්වලට සහ මැනිං වෙළඳපොලට යොමු කෙරෙන අතර, සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනය කෙරුණු මෙම දුම්රියේ මගීන්ට ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ.

දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ද අදහස් පළ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top