2023 විදුලි ගාස්තුව ඉහළ දැමීම අනිවාර්යයි - විදුලිබල ඇමති (Video)
Tuesday, 27 December 2022 - 17:17 | Views - 499
ජනවාරි මාසයේ දී අනිවාර්යයෙන් විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) ප්‍රකාශ කළා.

ඊට අදාළ යෝජනාව ලබන මස 2 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර නව ගාස්තුව ජනවාරි මාසයේ බිලට එක් කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කර්මාන්තශාලාවලට සහ අඩු ආදායම්ලාභීන්ට නව ගාස්තු සංශෝධනයෙන් සහනයක් ලබාදීමට අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

එසේම, ඉදිරි මාස තුන තුළ, පූජනීය ස්ථානවලට කිලෝවොට් 5ක සූර්ය පැනයක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න කියා සිටියේ 60%ත් 65%ත් අතර අගයකින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

එසේ කළහොත් ලබන වසරේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔහු පැවසුවා.

මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ලබන මස 5, 9, සහ 16 යන දිනයන්හි දී ගල් අඟුරු නැව් 3ක් දිවයිනට ළගාවීමට නියමිත බවයි.

එමෙන්ම, නව ගල් අගුරු ටෙන්ඩරය සදහා නිතීපතිවරයාගේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව අවම ලංසුව ඉදිරිපත් කළ ඉන්දුනිසියානු සමාගමට එය ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top