2023 විදුලි ගාස්තුව ඉහළ දැමීම අනිවාර්යයි - විදුලිබල ඇමති (Video)
Tuesday, 27 December 2022 - 17:17 | Views - 500

ජනවාරි මාසයේ දී අනිවාර්යයෙන් විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) ප්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව ලබන මස 2 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර නව ගාස්තුව ජනවාරි මාසයේ බිලට එක් කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
කර්මාන්තශාලාවලට සහ අඩු ආදායම්ලාභීන්ට නව ගාස්තු සංශෝධනයෙන් සහනයක් ලබාදීමට අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
එසේම, ඉදිරි මාස තුන තුළ, පූජනීය ස්ථානවලට කිලෝවොට් 5ක සූර්ය පැනයක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න කියා සිටියේ 60%ත් 65%ත් අතර අගයකින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.
එසේ කළහොත් ලබන වසරේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔහු පැවසුවා.
මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ලබන මස 5, 9, සහ 16 යන දිනයන්හි දී ගල් අඟුරු නැව් 3ක් දිවයිනට ළගාවීමට නියමිත බවයි.
එමෙන්ම, නව ගල් අගුරු ටෙන්ඩරය සදහා නිතීපතිවරයාගේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව අවම ලංසුව ඉදිරිපත් කළ ඉන්දුනිසියානු සමාගමට එය ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවා.
Share This Article