ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
Tuesday, 27 December 2022 - 12:42 | Views - 345
දිස්ත්‍රික්ක 05කට අයත් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ, පහතදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ, පහත හේවා හැට, ගඟවට කෝරලේ, හාරිස්පත්තුව, තුම්පනේ, පුජාපිටිය, යටිනුවර ප්‍රදේශත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරනායක, රුවන්වැල්ල ප්‍රදේශත්  මෙම අනතුරු ඇඟවීම් නිවේදනයට ඇතුළත්.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රිදීගම, පොල්ගහවෙල ප්‍රදේශයවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, නගරපල්ලේගම, පල්ලේපොල ප්‍රදේශවලටත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රදේශයටත් මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර පැවසුවේ, අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින්නැයි නිවේදන නිකුත් කර ඇති බවයි.

ඊට අමතරව කණ්ඩි ආශ්‍රිත සිටින ජනතාවට අවදානමක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට ද එම නිවේදනයේ දැක්වෙනවා‍. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top