රුපියල් 41,000ට අඩු ආදායම් ලබන ගොවි පවුල්වලට - සහනාධාරයක්
Tuesday, 27 December 2022 - 11:10 | Views - 809
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර මත දිස්ත්‍රික්ක 7ක වී වගා කරන අඩු ආදායම්ලාභි පවුලක් සඳහා රුපියල් 15,000ක මුදල් ආධාර ලබාදීම එළඹෙන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව යාපනය, මුලතිව්, මන්නාරම, ත්රිකුණාමළය, වව්නියාව, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා මෙම ආධාර ලබා දීමට නියමිතයි.
මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම ආධාර හිමිවනු ඇති.
Share This Article