කල්බදු සමාගම්වලට හිතුමතේ රථවාහන අත්පත් කරගැනීමට අවසර නැහැ - විශේෂ චක්‍රලේඛය මෙන්න
කල්බදු හෝ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේ දී අදාළ රථයේ හිමිකරු විරෝධය දක්වන්නේ නම්, සමාගම් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතික ව පියවර ගත යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.
ඒ පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්.
කල්බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීම් පිළිබඳ එහි අයිතිකරුවන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට යාමේ දී ඇතැම් පොලිස් ස්ථාන පැමිණිලි බාර නො ගන්නා අවස්ථා සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.
එහෙත් මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව යි අදාළ චක්‍රලේකයෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් වාහන කොල්ල කෑම්, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුව හොත් ඒ පිළිබඳ පොලිසිය නීති ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහි සඳහන්.