ඉතිහාසයේ දරුණුතම විදුලි කැපිල්ල ?
Monday, 26 December 2022 - 13:46 | Views - 620
ගල් අඟුරු ගැන කතා කරන විට නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය හිතට එන්නේ, නිරායාසයෙන්.

සාමාන්‍යයෙන් පුත්තලම් මුහුදේ වාරකම් නොමැති කාලය ලෙස සැලකෙන්නේ, ඕනෑ ම අවුරුද්දක සැප්තැම්බර් මස මැද සිට අප්‍රේල් මාසයේ මැද දක්වා පමණ කාලය වන බව සඳහන්.

මේ කාලය තුළ මුළු අවුරුද්දට ම බලාගාරයට අවශ්‍ය කරන ගල් අඟුරු තොග ගොඩ බා ගත යුතු වනවා.

බලාගාරය සඳහා දිනකට මෙට්ට්‍රික් ටොන් 7500ක ගල් අගුරු අවශ්‍ය වන අතර, වසරට ම මෙට්ට්‍රික් ටොන් 60000ක් එනම් නැව් 38ක් අවශ්‍ය බව යි සඳහන් වන්නේ.

නමුත් සැප්තැම්බර් සිට අද දක්වා ගොඩ බා ඇත්තේ, නැව් 5ක් වන අතර, 6 වැනි නැව පැමිණෙන්නේ ජනවාරි මස මුල් සතියේ වන බව සඳහන්.

මේ අතර, ගල්අඟුරු නැවක් ගොඩ බෑම සඳහා දින 5ක් ගත වන බවත් දැනට ඉතිරි දිනවලින් බෑමට හැක්කේ, නැව් 25ක් වැනි ප්‍රමාණයක් බවත් විශේෂඥයන් පවසනවා.

සතියකට නැව් 5ක් ගොඩ බෑ හැකි බවට ඇතැම් අය පැවසුවත් එය කිරීමට අසීරු දෙයක් බව බව හා නැව් 20ක් සඳහා ටෙන්ඩර් දමා තිබුණත් තව ම පැමිණ ඇත්තේ, නැව් 5ක් පමණක් බව යි වාර්තා වන්නේ.

ඉතිහාසයේ දරුණුතම විදුලි කැපිල්ල සඳහා පාර කැපීමක් මේ හරහා සිදු වන බව යි විශේෂඥයන් වැඩිදුරටත් පවසන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top