සුනාමි ඇවිත් අදට වසර 18යි (Video)
Monday, 26 December 2022 - 13:37 | Views - 1,304
සුනාමි ව්‍යසනය සිදු වී අදට (26) වසර 18ක් සපිරෙනවා.

2004 දෙසැම්බර් 26 වැනි දා උදුවප් පොහෝ දා යි ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනය, ශ්‍රී ලංකාවට බලපෑවේ.

2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික් 14ක් ගොදුරු වූ අතර, මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වනවා.

එම නිසා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑ ම වර්ෂයක ම දෙසැම්බර් මස 26 වැනි දින 'ජාතික සුරක්ෂිත දිනය' ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මේ අතර, සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ගොදුරු වීමෙන් මිය ගිය මහජනතාව සිහිපත් කරමින් දෙසැම්බර් මස 26 වැනි දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද ශ්‍රී ලාංකිකයන් කටයුතු කරනවා.

ඒ අනුව සුනාමි ව්‍යවසනයෙන් සහ අනෙකුත් ආපදා වලින් මියගිය ජනතාව සිහිකර පෙරවරු 9යි 25 සිට පෙරවරු 9යි 27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම ජාතික සුරක්ෂිත දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදි අද උදෑසන පැවැත්වීමට නියමිතයි.

සුනාමි ව්‍යවසනයට හසු ව හානිවූ අංක 50 දරණ දුම්රිය එන්ජිම සහිත දුම්රියක් ද මෙම අවස්ථාවේ දී පැරෑලිය වෙත පැමිණෙන අතර සුනාමියෙන් මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් පිරිසක් එම දුම්රියෙන් පැමිණ සැමරුම් වැඩසටහන හා එක්වනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top