ඉන්ධන භාවිතය අඩු වෙයි (Video)
Monday, 26 December 2022 - 13:32 | Views - 389
ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විදුලි පාරිභෝජනය අඩු කර ඇති අවස්ථාවක විදුලි බිල යළි වැඩි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව මහජන සභාව පවසනවා.

කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නියෝජිත පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ විදුලි ගාස්තු යලි ඉහළ නැවීමට කටයුතු කළ හොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩි. ආර්. අතුල කියා සිටියේ යළි විදුලි ගාස්තු ඉහළ නැංවීම නිසා ජනතාව විදුලි පාරිභෝජනය තවදුරටත් අඩු කිරීමෙන් විදුලි බල මණ්ඩලයට පාඩු සිදුවිය හැකි බවයි.

මේ අතර, හෙට සිට ලබන 30 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ දී පැයකුත්, රාත්‍රියේ දී පැයයි විනාඩි 20ක් මෙම විදුලි කප්පාදුව සිදු කරනු ඇති.

මේ අතර කිව්.ආර් කේතය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන පාරිභෝජනය සියයට 40කින් අඩු වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් මීට පෙර පාරිභෝජනය සඳහා ඉල්ලුම් කෙරුණ ද මේ වන විට එය මෙට්‍රික් ටොන් 4000 දක්වා අඩු වී ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3750ක් සඳහා පැවති ඉල්ලුම ද කිව්ආර් කේතය හඳුන්වා දීමෙන් පසු මෙට්‍රික් ටොන් 3000 දක්වා පහත බැස තිබෙනවා.

භූමිතෙල් පාරිභෝජනය සඳහා දිනකට මෙට්‍රික් ටොන් 800ක ඉල්ලුමක් පැවති අතර, මේ වන විට ඒ සඳහා ඉල්ලුම පවතින්නේ මෙට්‍රික් ටොන් 300 ක් සඳහා පමණක් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top