සීතල නත්තල උණුසුම් කරමින්, සුපිරි නළු නිළියන් 100කට අධික සංඛ්‍යාවකින් පිරුණු එකම නත්තල් සාදය, හිරු “සෙනෙහසේ නත්තල” අදයි..
Sunday, 25 December 2022 - 9:00 | Views - 323
සුපිරි තරු 100කට අධික සංඛ්‍යාවක් පිරිවරාගත් "හිරු සෙනෙහසේ නත්තල් සාදය" අද සාදවත් නත්තල්දා උදැසන 9.00ට මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේ සිට සජීවීව නැරඹීමේ අවස්ථාව ඔබට උදාවෙනවා.

ඒ වගේම සෙනෙහස පිරුණු, සීතල නත්තලේ තාමත් හීන බලන, පුංචි පැටවුන්ගේ නත්තල් හීන හැබෑ කරන්නත් හිරු අපි සුදානමින් ඉන්නවා.

ඒ ගැන වැඩි විස්තර පහළ වීඩියෝ එකෙන්...





ආර්ථික දුෂ්කරතා සහිත දරු දැරියන්ට අවශ්‍ය පාසල් පොත්, ලිපිද්‍රව්‍ය, සපත්තු, රසවත් ආහාරපාන රැගෙන “හිරු සෙනෙහසේ නත්තල” දිඹුලාගල අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වුණා.

ඉගෙනීමට ආශා කළත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම බලාපොරොත්තු ඉටුකරගැනීමට නොහැකිව සිටින අපේම දරුවන් වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් සහ මග පෙන්වීම යටතේයි හිරු සෙනෙහසේ නත්තල මෙවර ක්‍රියාත්මක වුණේ.

ඒ යටතේ මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 05 ක දරු දැරියන් 650කට ඔවුන්ගේ අධ්‍යාපනයට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ ත්‍යාග ලෙස ලබාදීම සිදුකෙරුණා.

රුපියල් ලක්ෂ 75 ක වටිනාකමකින් යුතු මෙම ත්‍යාගවලට අමතරව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මලියදේව ප්‍රාථමික විද්‍යාලය, නිශ්ශංකමල්ලපුර විද්‍යාලය, මනම්පිටිය සිංහල මහා විද්‍යාලය, ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය සහ කුඩා වැව ප්‍රාථමික විද්‍යාලය යන පාසල් පහ සඳහා රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 05 ක් ලබාදුන්නා.

ඒ, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තීරණයකට අනුවයි.

එහිදී පාසල් උපකරණ පරිත්‍යාග ලෙස ලද දරු දැරියන් සිය සතුට වචනවලට පෙරලු අතර දරුදැරියන්ගේ දෙමාපියන් ද එහිදී හිරු මාධ්‍ය ජාලයට ස්තුතිය පළ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top