නත්තලට කේක් කාලත් ඉවරයි ?
Friday, 23 December 2022 - 13:23 | Views - 1,341
වෙළඳපොලේ පවතින උග්‍ර බිත්තරයි හිගය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් මෙවර උත්සව සමයේ දී කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි .

මීට මාසයකට පෙර රුපියල් 1100 කට අලෙවි කළ කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා මෙසේ ඉහළ යාමත් සමඟ උත්සව සමයේ කේක් සඳහා පවතින ඉල්ලුම ද සියයට 25 දක්වා අඩු වී ඇති බවත් ඔහු පැවසයි .

උග්‍ර බිත්තර හිගය නිසා ම උත්සව සමයේ දී කේක් ඉල්ලුම සපුරාලීමට නොහැකිවී ඇතැයි පවසන ජයවර්ධන මහතා මේ වන විට මහා පරිමාණයේ බේකරි කීපයක් හැර කුඩා ප්‍රමාණය බේකරි කේක් නිෂ්පාදනය කිරීම අතහැර දමා ඇතැයිද කීය .

උත්සව සමයේ දී කිසිදු බිත්තර හිගයක් ඇති නොවන බවට බිත්තර නිෂ්පාදකවරුන් ප්‍රකාශ කළත් විශේෂයෙන් උත්සව සමයේදී ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් බිත්තර සැපයීමට ඔවුනට නොහැකි වී ඇතැයි ද ජයවර්ධන මහතා කීය.

මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top