ලිංගාශ්‍රිත රෝගයක් හැදුණොත් - ඉක්මනින් සුව කර ගන්නේ මෙහෙමයි
Monday, 19 December 2022 - 17:14 | Views - 1,147
ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අපේ පාඨකයන් දන්නේ අල්ප වශයෙනුයි. තමන්ට හෝ තමන්ගේ සමීපතමයකුට යම් එවැනි රෝගයක් වැලඳී ඇත්නම් මේ ගැන කලින් දැනුවත් වී තිබීම ඉතාම වැදගත්.

අසාමාන්‍ය ලෙස ස්‍රාවය පිටවන ලිංගාශ්‍රිත රෝග කිහිපයක්. එවැනි රෝග හැදුණොත් කහපාටට හුරු ද්‍රාවයක් පිටවනවා වගේම එය ගන්ධයෙන් යුක්තයි. සැරව ආකාරයෙන් තමයි ගලන්නේ. එසේ නම් එවැනි තත්ත්ව ඇති රෝග මොනවාද? ඔබ එහෙම සිතාවි. මේ ඒ ගැනයි.

මේ වගේ රෝග තුනක් පමණ හඳුනා, ගැනෙනවා. පළමුවැන්න තමයි “ගොනෝරියාව” නම් රෝගය. මෙය ඇතැම් වෙලාවට “සුදු බින්දුව“ ලෙසත් හඳුන්වනවා. දෙවැනි තත්ත්වය තමයි ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහයයි. තුන්වැන්න තමයි “ට්‍රයිකොමොනැසිස්” රෝග තත්ත්වය.

කොහොමද “ගොනෝරියාව“ හැදෙන්නේ. ඔබ එලෙස විමසාවි. “ලයිසීරියාව” කාණ්ඩයේ බැක්ටීරියාවකින් තමයි එය හැදෙන්නේ. මෙම තත්ත්වය පිරිමින්ට හා කාන්තාවන්ට වශයෙන් වෙන වෙනම කතා කළ යුක්තක්. මෙහිදී පැහැදිලිවම පිරිමින්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා වැඩියි. පිරිමියකුට මෙම රෝගය වැලඳිලා තිබුණොත් දින 2න් දින 3න් හෝ අනිවාර්යයෙන්ම සතියක් ඇතුළත රෝග ලක්‍ෂණ මතු කරනවාමයි. මොනවාද ඒ ප්‍රධාන රෝග ලක්‍ෂණ? මෙහිදී ලිංගේන්ද්‍රියෙන් නොකඩවා ස්‍රාවයන් නිකුත් වෙනවා. ඒවා කහ පැහැයට හුරු සැරව වගේ ස්‍රාවයක් වෙනවා. ඒත් එක්කම මුත්‍රා දැවිල්ලකුත් හට ගන්නවා. ඒ විතරක් නෙවි නිතර නිතර මුත්‍රා කිරීමේ අව්‍යශ්‍යතාවකුත් ඇතිවෙනවා.

මෙම තත්ත්වය ඇති වුණාම කාන්තාවන්ගේ රෝග ලක්‍ෂණ දක්නට ලැබෙන්නේ නෑ. මෙතැනදී කළ යුත්තේ ස්‍රාව පරීක්‍ෂණයක් කරලා අදාළ බැක්ටීරියාව හඳුනාගත යුතුවීමයි. මෙම ස්‍රාව රෝපණ පරීක්‍ෂාවකට ලක් කරලා එය තවදුරටත් තහවුරු කරගත හැකියි. ඒ වගේම මෙය නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක්. ඒ නිසා හැංගි හැංගි ඉන්නේ නැතිව වහාම ප්‍රතිකාර ගත යුතුයි. නැතිනම් වෙන්නේ මහ විනාශයක්.

ඒ වගේම ඔබට රෝගය හැදිලා නම් ඔබ ඇසුරු කර තිබෙන අයටත් ඒ නිසා වැලඳී තිබිය හැකි සම්භාවිතාව වැඩියි. ඒ නිසා ඒ අයටත් ප්‍රතිකාර ලබා දිය යුතුමයි.

මෙහි ඇති වැදගත්ම දේ තමයි ඔබ නිසි වෙලාවට නිවැරදිම ප්‍රතිකාර නොගත්තොත් එම විසබීජය රුධිර සංසරණ පද්ධතියට ඇතුළත් වෙලා, සන්ධි ප්‍රදාහය, චර්ම රෝග ආදිය වැලඳෙන තත්ත්වයටත් දුර යනවා.

“ගොනෝරියා” නොවන දෙවැනි තත්ත්වයේදී තිබෙන්නේ මුත්‍ර ප්‍රදාහයයි. මුත්‍ර ප්‍රදාහය ඇති වීමට හේතු වන්නේ බැක්ටීරියා කිහිපයක්. වැඩියෙන්ම ඊට හේතු වන්නේ “ක්ලැමීඩියා” නම් බැක්රියා විශේෂ යයි. එසේම “මයිතොප්ලාස්මා” ඇතුළු බැක්ටීරියා කිහිපයක් මඟින්ද මෙය වැලඳෙනවා.

පිරිමියකුට නම් මෙහි රෝග ලක්‍ෂණ මතු වෙන්නට සති 1 සිට 3 දක්වා වූ කාලයක් ගත වෙනවා. මේ තත්ත්වයේදී පිටවන ස්‍රාවය කහපාටට හුරු නැහැ. නමුත් මඳක් සුදු පැහැයට හුරුයි. එහිදී ස්‍රාවය පිට වෙන්නේ ගොනෝරියාව තත්ත්වයේදී මෙන් නොව විටින් විටයි. මුත්‍රා දැවිල්ල, නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඇති වෙනවා. ඇතැම් විට පිරිමින් තුළ රෝග ලක්‍ෂණ දකින්නට නොලැබෙන අවස්ථාත් තියෙනවා.

මීට වහා ප්‍රතිකාර නොගත්තොත් වෘෂණය ආසාදනයට ලක්වෙනවා. පුරස්ථි ග්‍රන්ථය ආසාදනයට ලක්වීම ආදී රෝගවලට ගොදුරු විය හැකියි. දිගු කාලයක් වෘෂණ කෝෂවලට බලපෑවොතින් එය මඳසරුභාවයට පත් වෙන්නත් පුළුවනි.

තුන්වැන්න තමයි “මයිකොමොනැසිස්සය” මෙහි රෝග කාරකය පරපෝෂිත විශේෂයකි. බොහෝ වෙලාවට මෙහි ආසාදන තත්ත්වය දකින්නට පුළුවන් වන්නේ කාන්තාවන්ගෙනුයි. මෙහිදී අධික ලෙස ස්‍රාවය පිටවෙනවා. එය පෙණ සහිතද වෙනවා. ලිංගේන්ද්‍රිය අවට කැසීමක්ද ඇති කරනවා. මේකත් නිසි ප්‍රතිකාර මාලාවකින් නිට්ටාවටම සුව කළ හැකියි.

ගොනෝරියා හෝ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය කියන තත්ත්වයන් ගර්භණී මාතාවකට වැලඳුණුහොත් දරුවා ප්‍රසූත කිරීමේදී එය දරුවාටද සම්ප්‍රේෂණය විය හැකි අවදානමක්ද තියෙනවා. එහෙම වුණොත් දරුවා අක්‍ෂිප්‍රදාහයට ලක්වන ඉඩකඩත් තියෙනවා. ඒ වගේම කහ පාටට හුරු ද්‍රාවයන් ඇස්වලින් පිටවීමත්, ඇස් රතු වීමත් යන රෝග ලක්‍ෂණ මෙහිදී සැලකිය යුත්තක්.

කෙසේ වෙතත් ඔබටත් එවැනි සැකසංකාවක් තිබේ නම් කල් යව යව ලැජ්ජාවට හැංගී ඉන්නවාට වඩා ඔබේ රජයේ රෝහලේ අදාළ වෛද්‍ය නිලධාරියා මුණගැසී ඇත්තම තත්ත්වය නොසඟවා කියා ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න. ඒ ගන්නා ඉක්මන මත ඔබට ඉක්මන් සුවයක් ලබාදිය හැකිය.


(The Health ඇසුරිනි)
සුලක්ඛන ජයවර්ධන
උපුටා ගැනීමකි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top