ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන අනාවරණයක්
Monday, 19 December 2022 - 16:05 | Views - 1,806
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 2,894කදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (18) පැවැත්වුණා.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 334,698 කි.
මේ අතර, ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක විෂයභාර ගුරුවරයෙකු විසින් වැරදි ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කණ්ඩායමක් පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කර සිටියා.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායම අද පෙරවරුවේ කොළඹින් පිටත්ව ගිය බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
Share This Article