විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නිවාස ණය - අලුත් වැඩපිළිවෙල මෙන්න
Monday, 19 December 2022 - 13:54 | Views - 1,305
විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු නිදහස් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගත යුතු පියවර තවමත් ගෙන නැතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර චෝදනා කරනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නිවාස ණය ලබාගැනීම සඳහා අලුත් වැඩපිළිවෙලක් තවත් දින කිහිපයක් ඇතුළත ඇති කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
Share This Article