ඇතැම් දිස්ත්‍රික්කවලට - අද තද වැසි
Sunday, 18 December 2022 - 16:49 | Views - 660
ගිණිකොන දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නිරිත දිග බෙංගාල බොක්ක දෙසට ගමන්කිරීමට ඉඩ ඇති බැවින් නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලටත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම උතුර, නැගෙනහිර පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර 40 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
Share This Article