දෙමව්පියන් නිරන්තරයෙන් කුඩා දරුවන් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා පවසනවා.
ඇය මේ බව කියා සිටියේ මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියයෑමේ සිද්ධිය පිළිබඳව හිරු ප්රවෘත්ති කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
මත්ද්‍රව්‍ය වැටලීමක් නැරඹීම සඳහා බිළිඳියගේ මව නිවසින් බැහැරව ගොස් තිබූ අවස්ථාවක ජලය උණුකිරීමට යොදාගත් විදුලි හීටරයකින් හටගත් ගින්නකින් බිළිඳිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ දෙමව්පියන් නිරන්තරයෙන් දරුවන් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවයි.