දෙහිවල දී දුම්රියේ ගැටී - යුවළක් මරුට (Video)
Saturday, 17 December 2022 - 16:23 | Views - 574
දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තරුණයෙකු සහ තරුණියක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් සමග සිටි තවත් තරුණයෙකු ද දුම්රියේ ගැටී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද උදෑසන 10ට පමණ මරදානේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ මොවුන් ගැටී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව අදාළ තරුණයා සහ තරුණිය ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන අතරතුර දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණදී ඇත්තේ.

සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීම සඳහා දුම්රියක් පසුපසින් ගමන් කරමින් සිටි මෙම තිදෙනා අනෙක් පසින් පැමිණී දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නෙ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top