බිත්තර මිල ඉහළට
Saturday, 17 December 2022 - 12:56 | Views - 888
බිත්තර සඳහා උපරීම මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටවීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

උත්සව සමය හේතුවෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති පසුබිමක මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය අතුරු තහනමක් පැනවීමත් සමඟ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.

මින් පෙර රුපියල් 50ක උපරීම සිල්ලර මිලකට අලෙවිවූ බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකටයි.

උත්සව සමය හේතුවෙන් බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව තිබෙනවා.

ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කිරීම සඳහා වෙළෙඳුන් බිත්තර සඟවා තබාගෙන සිටින බවටද පාරිබෝගිකයින් චෝදනා කරනවා.

උත්සව සමයේ වැඩි ඉල්ලුමක් පවතින කේක් මිලද ඉහළ ගොස් ඇත්තේ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන්.

මේ අතර සුළු පරිමාන බිත්තර වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ පවතින මිලට වඩා ඉතා අඩු මුදලකටවෙලපොළ තුළ බිත්තර අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top