උතුරු පළාත හැර අනෙකුත් ප්‍රදේශවල මස් ප්‍රවාහනයට යළි අනුමැතිය
Saturday, 17 December 2022 - 11:50 | Views - 983
උතුරු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල මස් ප්‍රවාහනයට යළි අනුමැතිය ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
පසුගිය දා උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මිය යාම හේතුවෙන් සියලුම ප්‍රදේශ අතර මස් ප්‍රවාහනය තහනම් කිරීමට කටයුතු කරනු ලැබුණා.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මිය ගියේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා මිස කිසිදු වසංගත රෝගයකින් නොවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article