දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී ? (Video)
Saturday, 17 December 2022 - 11:28 | Views - 3,842
බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතළ තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

විමර්ශන සිදු කරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බොරැල්ල පොදු සුසාන භූමියේ සේවකයින් කිහිපදෙනෙකු ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවයි.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ ඇති සාක්ෂි සහ අදාළ ස්ථානීය පරීක්ෂණ අනුව සැකකරුවන් හදුනා ගැනීමේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා රාත්‍රියේ ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

ඔහු විසින් මියගිය ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 144ක ණය මුදල සම්බන්ධයෙන් පවතින ආරවුල සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා පස්වරු 2ත් 3ත් අතර අදාළ ව්‍යාපාරිකයා, හමුවක් සඳහා යන බව සිය බිරිඳට පවසා නිවසින් පිටව ගොස් ඇතැත් තම ලේකම්වරයාට සඳහන් කර තිබුණේ, රුපියල් කෝටි 144ක ණය මුදල ලබාගත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හමුවීමට යන බවටයි.

එම තොරතුරු අනුවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා රාත්‍රී බ්‍රයන් තෝමස්ගේ නිවසට ගොස් පැය හතරහමාරක ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ.

මේ අතර බ්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල ඊයේ නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ මෙම විමර්ශනවලට අදාළව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ සිදු කළ කරුණු ඉදිරිපත් කිරීමකින් අනතුරුවයි.

එමෙන්ම දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතන ඇමතුම් වාර්තාද ලබා දෙන ලෙසට ද අදාළ දුරකතන සමාගම්වලට නියෝග කර තිබෙනවා.

බ්‍රයන් තෝමස් ප්‍රසිද්ධ ඇදුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදියෙකු ලෙස ඉදිරිපත් වූ දිනේෂ් ෂාෆ්ටර්ගෙන්, රුපියල් කෝටි 14 ක ණය මුදලක් ලබාගෙන වංචා කළ බවට 2019 වසරේ මාර්තු 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ලට අදාළව බ්‍රයන් තෝමස් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටියා.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් ක්‍රිකට් පරිපාලකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත්‍රයෙකු ද වනවා.

මේ අතර මියගිය ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර එහිදී හෙළිව ඇත්තේ තන්තුවකින් ගෙල සිරකිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top