බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන සදුදා (19) සිට වසා දැමෙයි
Saturday, 17 December 2022 - 10:55 | Views - 1,820
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සදුදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (16) පස්වරු 04 සිට ලබන සදුදා පස්වරු 04 දක්වා විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්වීමට සියලු නේවාසික සිසුන්ට අවස්ථාව ලබාදී ඇති බවයි එම විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි කියා සිටියේ.

මේ අතර නවක වද සිද්ධියකට අදාළව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෝමාගම පොලිසිය විසින් සැකකාර හිමිනම අද අත්අඩංගුවට ගත් බවයි.

පසුව එම හිමිනම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top