5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හෙටයි - විභාග කොමසාරිස්ගෙන් ඉල්ලීමක්
Saturday, 17 December 2022 - 9:41 | Views - 733
2022 වසරට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (18) පෙරවරුවේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව හෙට දිනයේ දී ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2894ක දී, අපේක්ෂකයින් 334,698 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර විභාගයේ දී විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය කිසියම් වෙනසක් ද සිදු කර තිබෙනවා.

ඒ අනුව සිසුන් හට සිය ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පළමුවෙන් ම පිළිතුරු සැපයීමට අවස්ථාව උදාවන අතර, පළමු ප්‍රශ්න පත්‍රය හිමිවන්නේ දෙවැනුවයි.

පෙර වසරවල මෙන් මෙවර සිසුන් කිසිවෙකුටත් විභාග ප්‍රවේශපත් හිමිගැන්වීමක් සිදු නොවුණු බවත්, විභාගය ආරම්භයේ දී පැමිණෙන සියලු ශිෂ්‍යයින්ගෙන් අත්සන පමණක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනුමට කටයුතු සම්පාදනය කර තිබීමත් විශේෂත්වයක්.

පීඩනයකින් තොරව සෑම දරුවෙකුට ම නිදහසේ සිය විභාගයට මුහුණදීමට ඉඩ සලසා දෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන විසින් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද සිදු කරනු ලබනවා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top