HIV ආසාදිතයින් - ඉහළට
Friday, 16 December 2022 - 13:11 | Views - 3,264
වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකය පවසනවා.
එසේම, පසුගිය නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බවත් සඳහන්.
මේ වනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹ, අනුරාධපුර, පොළොන්නරුව හා මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ට ද වාර්තා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, HIV පරීක්ෂා කිරීමේ ස්වයං පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමත් සමග ආසාදිතයින් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බවයි ඒඞ්ස් මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article