අම්මයි තාත්තයි, දුවයි බෑනාගෙයි එකම දවසේ සිදු වූ විවාහය
Friday, 16 December 2022 - 11:46 | Views - 1,158
එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවයි සඳහන් වන්නේ.
මෙම ප්‍රදේශයේ බහුතරයක් ජනතාව නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී ඇතිවන ගැටලු, සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගැනීම සඳහා මෙම විවාහ කරවීම සංවිධානය කර තිබු බවටයි තොරතුරු වාර්තා වන්නේ
කෙසේ වෙතත්, එම අවස්ථාවේ සිදුකළ විවාහයන් සඳහා සාක්ෂියට අත්සන් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරයා බවටයි සඳහන් වන්නේ.
මෙමඟින් මෙතෙක් නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය සිදුකර තිබෙනවා.
Share This Article