වෙළඳපලේ පොල් ගෙඩියක මිල ඉහළ ගොස් තිබෙනවා.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ කියා සිටියේ, මේ වනවිට විශාල පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා අලෙවි වන බව යි.
මේ අතර, වෙළෙඳපොළ ලොකු ලූණු මිල ගණන් තවදුරටත් අඩු වෙමින් පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කරනවා.
පසුගිය සතිය තුළ සිල්ලර වෙළඳපොලේ ආනයනික ලොකු ළුෑණු මිල රුපියල් 150ත්, 160ත් අතර අගයක සටහන් වුණා.
දේශීය ලොකු ළුෑණු රුපියල් 240කට අඩු අගයකින් දැක්වුණු අතර, ඊයේ වන විට ආනයනික ලොකු ළුෑණු රුපියල් 170ට අඩු අගයකින් අලෙවි වූ බවයි වාර්තා වන්නේ.
ආර්ථික මධ්‍යස්ථාන රැසකම එම අගය රුපියල් 140ත් 150ත් අතර අගයක සටහන් වුණා.
දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක් පසුගිය සතියේ රුපියල් 440 මට්ටමේ පැවති අතර, එහි සැලකිය යුතු වෙනසක් මේ සතිය තුළ සිදු වී නැහැ.
උඩරට එළවළු වර්ග රැසක මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින අතර, බෝංචි රුපියල් 400ත්, 500ත් අතර මිලකට අලෙවි වනවා.
මාළු මිරිස් කිලෝග්‍රෑමයක මිලද බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල ඊයේ රුපියල් 600 ආසන්නයේ පැවතියා.
කැරට් රුපියල් 250ත්, 300ත් අතර මිලක පැවති අතර, ලීක්ස් රුපියල් 300ත්, 400ත් අතර අගයන්වල සටහන් වී තිබුණා.
පහතරට එළවළු මිලෙහි යම් අඩු වීමක් දක්නට ලැබෙන අතර, වට්ටක්කා රුපියල් 80ත්, 100ත් අතරත්, වම්බටු රුපියල් 250ට අඩු අගයකිනුත් සටහන් වී තිබුණා.