පිළිකාව නිට්ටාවටම නසන්නේ මෙහෙමයි - රෝගීන්ට සුබ ම සුබ පණිවුඩයක්
Wednesday, 14 December 2022 - 12:07 | Views - 2,719
පිළිකාව කියන්නේ නිට්ටාවටම සුව කළ නොහැකි දරුණු රෝගයක් , ලෝකය පුරා ලොකු, කුඩා බේදයක් නොමැතිව සුවහසක් මිනිසුන් මෙම රෝගයෙන් පීඩා විඳින අතර බොහෝ දෙනා මරණයෙන් ජීවිතය අවසන් කරනවා.

එහෙත් මේ වන විට ලෝකයේ සියලු පිළිකා රෝගීන්ට සතුටු ආරංචියක් ලබාදෙමින් පිළිකාව නිට්ටාවටම සුව කළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බි්‍රතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටින බව විදේශ ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත්, ජාන වෙනස්කර පිළිකාව සුව කළ හැකි ඖෂධයක් එලෙස ඔවුන් සොයාගෙන තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඒ අනුව, වෛද්‍යවරු විසින් ප්‍රතිකාර ලබා දී බි්‍රතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේ ජීවත් වූ ලියුකේමියාව වැලඳී ඇති වයස අවුරුදු දහතුනක දැරියක් නිට්ටාවටම සුව කර තිබෙන බවද සඳහන්.


එසේම, වෛද්‍යවරු පවසන පරිදි මෙම දැරියගේ සිරුර තුළ බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය භාවිතා කර ජීවමාන ඖෂධයක් ප්‍රතිනිර්මාණය කරගනිමින් පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට වෛද්‍යවරුන් සමත්ව තිබුණා. ජාන වෙනස් කිරීමකට ලක්කිරීම එම ප්‍රතිකාරය මඟින් සිදුකර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


- නයනා උදයංගනී
- උපුටා ගැනීමකි.,

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top