පිළිකාව නිට්ටාවටම නසන්නේ මෙහෙමයි - රෝගීන්ට සුබ ම සුබ පණිවුඩයක්
Wednesday, 14 December 2022 - 12:07 | Views - 2,720

පිළිකාව කියන්නේ නිට්ටාවටම සුව කළ නොහැකි දරුණු රෝගයක් , ලෝකය පුරා ලොකු, කුඩා බේදයක් නොමැතිව සුවහසක් මිනිසුන් මෙම රෝගයෙන් පීඩා විඳින අතර බොහෝ දෙනා මරණයෙන් ජීවිතය අවසන් කරනවා.
එහෙත් මේ වන විට ලෝකයේ සියලු පිළිකා රෝගීන්ට සතුටු ආරංචියක් ලබාදෙමින් පිළිකාව නිට්ටාවටම සුව කළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බි්රතාන්ය විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටින බව විදේශ ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත්, ජාන වෙනස්කර පිළිකාව සුව කළ හැකි ඖෂධයක් එලෙස ඔවුන් සොයාගෙන තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඒ අනුව, වෛද්‍යවරු විසින් ප්‍රතිකාර ලබා දී බි්රතාන්යයේ ලැන්කැස්ටර් නගරයේ ජීවත් වූ ලියුකේමියාව වැලඳී ඇති වයස අවුරුදු දහතුනක දැරියක් නිට්ටාවටම සුව කර තිබෙන බවද සඳහන්.
එසේම, වෛද්‍යවරු පවසන පරිදි මෙම දැරියගේ සිරුර තුළ බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය භාවිතා කර ජීවමාන ඖෂධයක් ප්‍රතිනිර්මාණය කරගනිමින් පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට වෛද්‍යවරුන් සමත්ව තිබුණා. ජාන වෙනස් කිරීමකට ලක්කිරීම එම ප්‍රතිකාරය මඟින් සිදුකර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
- නයනා උදයංගනී
- උපුටා ගැනීමකි.,
Share This Article