කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද (14) අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ, ගෝනපොල කන්දෙවත්ත ප්රදේශය පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු උගුරේ ඇති වූ පිළිකා රෝගයක් නිසා මීට මාස 3ක පමණ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්රතිකාර ලබමින් සිට ඇති අතර, අද අලුයම තුනට පමණ සිවු වැනි මහලේ ජනෙල් කවුළුවකින් බිමට පැන මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇති බව සඳහන්.
මේ බව රෝගියා ප්රතිකාර ලබමින් සිටි වාට්ටුවේ රැඳී සිටි රෝගීන් දැක ඒ බව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ව පොලිසියේ මේ ස්ථානයට ගොස් දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණ කොහුවල පොලීසිය මෙහෙයවනු ඇති.