වායු දූෂණයෙන් ජන ජීවිතයට තවත් බලපෑමක්
Wednesday, 14 December 2022 - 10:01 | Views - 463
වායු දූෂණය හේතුවෙන් පරිසරයට මෙන්ම ජන ජීවිතයටද බලපෑම් එල්ලවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්.ටී.එම්. මහීස් පවසනවා.
ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වායු දූෂණය හේතුවෙන් නගර ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ ජීවන රටාවන්වල වෙනස්කම් දැකිය හැකි බවයි.
මේ අතර, ඇමෙරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව මීගමුව නගරයේ වායු තත්ත්ව දර්ශකය දැක්වුණේ ඒකක 158ක් ලෙසයි.
කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 111ක් ලෙස දැක්වුණා.
Share This Article