විදේශිකයන්ට අදාළ නොවන ඉන්දුනීසියානු ලිංගික නීතිය ?
Tuesday, 13 December 2022 - 16:00 | Views - 5,750
විවාහයෙන් පිටත ලිංගිකත්වය තහනම් කිරීම ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල කරනු ඇතැ යි විචාරකයන් පවසනවා.

ඒ අනුව ඉන්දුනීසියාවට පැමිණෙන සංචාරකයන්ට විවාහයෙන් පරිබාහිර ලිංගික ක්‍රියා අපරාධයක් බවට පත් කෙරෙන නව නීතිය යටතේ චෝදනා එල්ල නො වන බව යි බලධාරින් පවසන්නේ.

"බාලි බොන්කිං තහනම" ලෙස නම් කර ඇති මෙම නව නීති මගින් ලිංගික ව එක්වන අවිවාහක ජෝඩු සඳහා වසරක සිරදඬුවමක් හිමි වන බව සඳහන්.

නමුත් බාලි හි ආණ්ඩුකාරවරයා පවසන්නේ, බලධාරින් විසින් සංචාරකයන්ගේ විවාහක තත්ත්වය පරීක්ෂා නො කරන බව යි.

නව නීති මඟින් රට තුළ මානව හිමිකම් ඛාදනය විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන නමුත්, මෙම නීති සම්පාදනය ඉන්දුනීසියානු වටිනාකම් තහවුරු කරන බව ඉන්දුනීසියානු නිලධාරීන් පවසනවා.

''බාලි යනු සුපුරුදු පරිදි බාලි වන අතර, එය සංචාරය කිරීමට සුවපහසු සහ ආරක්ෂිත තැනක්'' යනුවෙන් බාලි ආණ්ඩුකාර වයාන් කොස්ටර් පවසනවා.

දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ඉන්දුනීසියාවට 2019 දී මිලියන 16කට වැඩි පිරිසක් පැමිණ ඇති බව ද වාර්තා වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top