පාසල් සිසුන් සඳහා සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන් - ලබන වසරේ සිට
Tuesday, 13 December 2022 - 11:35 | Views - 3,726
පාසල් දරුවන්ට සංකීර්ණ මෙන්ම ගතික සමාජයට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පන්නරය පාසල තුලින්ම ලබා දීම සඳහා සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාශය පවසන්නේ, මෙම වැඩසටහන මඟින් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම හැකියාව ලැබෙන බවයි.
එසේම,සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන දිවයිනේ සෑම පාසලකම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමටයි අපේක්ෂා කරන්නේ.
ඒ අනුව, 2023 ජනවාරි 04 වැනිදා සිට 2023 මාර්තු 24 දින දක්වා සෑම බදාදා දිනකම පෙරවරු 07.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
Share This Article