දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ ගැන අනතුරු ඇඟවීමක්
Tuesday, 13 December 2022 - 10:37 | Views - 5,495

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලි මතයි මහ බැංකුව මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීම හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මහ බැංකුව මූල්‍ය බුද්ධි ඒකකය ජනතාවට දැනුම් දෙනවා.
එමෙන්ම පුද්ගලික හැඳුනුම්පත් අංකය, කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද කිසිවෙකුටත් ලබා නොදිය යුතුයි.
ඒ අනුව එසේ ලැබෙන දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් 011 - 2 477 125 හෝ 011 - 2 477 509 හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කරන ලෙස ද මහ බැංකුව ජනතාවට දන්වා සිටිනවා.
මේ අතර වගා ණයක් ලෙස ලැබුණු රුපියල් එක් ලක්ෂ අනූ අටදහසක මුදලක් බැංකු ගිණුමට බැර වූ පසු වංචනිකව සොරාගැනීමේ පුවතක් අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය 9 වනදා අදාළ ණය මුදල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගිණුමට බැර වී ඇති අතර එය ලබාගැනීමට ගිය අවස්ථාවේ බැංකු කළමනාකාරීත්වය දැනුම් දී ඇත්තේ බැංකු කාඩ් පත හරහා එම මුදල ලබා ගත හැකි බවයි.
ඒ අනුව අදාළ ගිණුමේ හිමිකරු කාඩ්පතින් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ ද ගිණුමේ මුදල් නොමැති බවට එහිදී ඒ.ටී.එම් යන්ත්‍රයේ සටහන් වී තිබෙනවා.
පසුව ඊයේ දිනයේ අදාළ ගිණුම සහිත රාජ්‍ය බැංකුවට ගොස් ඒ පිළිබඳව බැංකු කළමනාකාරීත්වය දැනුවත් කර ඇති අතර එහි දී බාහිර පාර්ශ්වයක් විසින් සූක්ෂ්ම ලෙස අදාළ ගිණුමේ රහස්‍ය දත්ත ලබාගෙන මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
Share This Article