ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල - වායු දූෂණය ඉහළට
Monday, 12 December 2022 - 13:01 | Views - 544
ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල වායු දූෂණය අද (12) පෙරවරු 10 වනවිට ඉහළ අගයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ වායූ දූෂණ තත්ත්වය 161 ක් ලෙස සටහන් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ අගය සටහන්ව ඇත්තේ 159 ක් ලෙසයි.
මේ අතර, කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 134 ක් ලෙස දැක්වෙනවා.
යාපනය සහ උතුර පළාතේ අගය දක්වා තිබුණේ 146 ක් ලෙසයි.
මීගමුව ප්‍රදේශයේ 144 ක් ලෙසත් අම්බලන්තොට 132 ක් සහ රත්නපුර 107 ක් ලෙස සටහන් වනවා.
Share This Article