පොලිස් කතා පොතෙන් - තවත් අප්‍රසන්නම කතාවක් ?
Monday, 12 December 2022 - 10:10 | Views - 1,390
මගේ පොලිස් ජීවිතේ මම අහපු
අප්‍රසන්නම කතාවක් ඒක. මට හිතාගන්න බෑ අදටත්...
ඒ අම්මාගේ මූණ මතක් වෙද්දිත් මට දුකයි, අවුල්...
ඒ මොකද මට ඒ අත්දැකීම ගැන හිතාගන්න අමාරුයි..

හැබැයි එක දෙයක්..
අම්මලා ගොඩක් පව්...!!
ඇත්තටම පව්.... ජීවිතේ විඳින්න ඕනි දුක සේරම
විඳලා, විඳවලා මැරිලා යනවා...

මේ කතාව ඇහුවොත් ඇත්තටම ඔයාට වුණත්
හිතෙයි, අපි මොන වගේ ලෝකෙකද
ජීවත් වෙන්නෙ කියලා..?
ලොකු අවුලක් දැනෙයි හිතට...

ඒ අම්මා ඇඬුවා හුඟ වෙලාවක්.
එයාට කරන්න ඕනි දේ ගැන අවබෝධයක්
තිබ්බෙ නෑ...

"සර්..! මට ආයෙමත් ඒ ගෙදරට යන්න බෑ.
ඇස්දෙකට දැක්ක දේ නිසා මට තරහට වඩා දුකයි, අප්පිරියයි..
මම උන් දෙන්නව හැදුවේ මගේ ඇහැ වගේ..
මගේ ඇස් දෙක උන් දෙන්නා සර්... මගේ දුවයි පුතයි..
පුතාට අවුරුදු 20යි... දුව තාම ඉස්කෝලෙ යනවා
ඕලෙවල්... මම එද්දි ඒ දෙන්නගේ ඇඟෙ නූල් පොටක් නෑ..
වීඩියෝ එකක් බල බල දෙයියනේ...
මාව වෙව්ලනවා සර්... මට කියන්න බෑ ඒක..."

"මම උන් දෙන්නට නිරුවස්තරයෙන්ම තැලුවා සර්..
උන් කෑ ගහනකන්.. බෙරිහන් දෙනකන්ම තැලුවා සර්..
මට එච්චරම එපාවුණා.
මම කොහොම ද ලෝකෙට මූණ දෙන්නේ.
කෙල්ල මට වැන්ඳා.. කොල්ලා වෙච්ච දේවල් කිව්වා.."

"මේ දෙන්නා හොරෙන් බ්ලූ ෆිල්ම් බලලා...
ඒවා අත්හදා බලලා.. මගේ අහිංසකීව කොල්ලා විනාස
කරලා සර්... ඒකිව අපිරිසිදු කරලා.. මම මලක් වගේ
පරිස්සමට හැදුවේ ඕකිව... අඩුම ගානේ තාත්තා ළඟවත්
නිදියන්න දුන් නෑ ඌ බේබද්දා නිසා අවිශ්වාසයට..
ඒත් මම මූව විශ්වාස කළා. මොකද එක කුසෙන් ආපු එකානේ.
නංගිව බලාගනී කියලා හිතුවා.."

"මම මොනාද කරන්නෙ සර්...
මට හිතාගන්න බෑ.."

පස්සෙ අපි වැඩේ ශේප්මන්ට් කළා,
ඒ ළමයි දෙන්නව පොලිසියට ගෙන්නුවා...
පස්සෙ අවවාද කෙරුවා. මම හිතන්නෙ
කොල්ලව ඈතකට යැව්වා.. බෝඩිමකට..
ඌව කෙල්ලගෙන් ඈත් කරලම තිබ්බා.. අපි මේක
වැඩිපුර දුර දිග යැව්වේ නෑ.

හැබැයි ඒ අම්මා පස්සෙ දවසක ඇවිත්
අපිට පින් දුන්නා.. ඒ අම්මා කැමති වුණේ නෑ
නඩු දාලා, පරිවාස යවන්න පොඩි එකාව... 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top