තවත් ගෑස් නෞකාවක් අද මෙරටට
Monday, 12 December 2022 - 9:47 | Views - 1,953
උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ අද (12) රාත්රියේ ගැස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.
ඒ අනුව, උත්සව සමයේ දී කිසිදු ගැටළුවකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, තවත් ගෑස් නෞකා 06 ක් මෙම මාසය තුළ දිවයිනට ළගාවීමට නියමිතව ඇති බවත් සභාපති වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
Share This Article