කොළඹ වායු දූෂණය අදත් ඉහළට
Saturday, 10 December 2022 - 14:45 | Views - 1,149
කොළඹ නගරයේ වායු දූෂණය අද යළිත් වරක් ඉහළ ගියා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියට අනුව කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය අද (10) පෙරවරු 11 ත් 12 ත් අතර සටහන් වූයේ 64 ක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ දැක්වුණේ කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 152 ක අගයක් ගන්නා බවයි.

මෙම තත්වයන් සෞඛ්‍යයට දැඩි අවදානම් තත්වයන් ලෙසයි අදාළ වෙබ් අඩවි දෙකෙහිම සටහන්වී තිබුණේ.

මෙම අගය 150 ත් 200 ත් අතර මට්ටමේ පවතීනම් එය අවදානම් තත්වයක් වන අතර, 100 ත් 150 ත් අතර අගයක පවතී නම් එය, දරුවන් සහ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඇතුලු වයෝවෘද්ධ පුද්ගලයන්ට අවදානම් මට්ටමක් ලෙස සැළකෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කියා සිටියේ මැන්ඩවුස් සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම මේ වනවිට පහව යමින් පවතින බවයි.

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුර පළාතේ වගා බිම් රැසක් විනාශ වී තිබෙනවා. වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල වගා බිම් රැසක් මෙලෙස විනාශ වී ඇත්තේ පැවති තද සුළං තත්වය හේතුවෙන්.

තද සුළං හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ඕමන්තේ සහ නෙඩුක්කේනි මෙන්ම යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශවල ගස්ලබු සහ කෙසෙල් වගාවන්ටද හානි සිදුවී තිබෙනවා. එමෙන්ම ඊයේ (09) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් කටුවන සහ වලස්මුල්ල ප්‍රදේශවල නිවාස රැසකටද අලාභ හානි සිදුව තිබෙනවා.

මේ අතර මෙරටට බලපෑම් එල්ල කිරීමෙන් පසු ඉන්දියාවට ඇතුලුවූ මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සුළි කුණාටුව දුර්වලවීමෙන් අනතුරුව මෙලෙස දකුණු ඉන්දියාවේ මාමල්ලපුරම් ප්‍රදේශයෙන් ගොඩබිමට කඩාවැදුණු බවයි.

පැය 3 ක කාලයක් තුළ එම ප්‍රදේශයේ විශාල ගස් ප්‍රමාණයක් කඩාවැටී ඇති අතර, පහත්බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර චෙන්නායි නගරයට අද උදෑසන පහයි තිහ වනවිට මිලිමීටර 115 ක පමණ වර්ෂාවක්ද ලැබී තිබුණා.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපලේ දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 13 ක්ද අවලංගු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top