14 වැනිදා සිට උපකාරක පන්ති තහනම්
Saturday, 10 December 2022 - 14:30 | Views - 828
මේ මස 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ , ලබන 18 වැනිදා පැවැත්වෙන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, ලබන බදාදා (14) මධ්‍යම රාත්‍රි 12.00 සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු සම්මන්ත්රණ , දේශන , වැඩමුළු පැවැත්වීම සහ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වනු ඇති.
එමෙන්ම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් , බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article