අද කොළඹ ට පැය 10ක් ජලය කැපෙයි
Saturday, 10 December 2022 - 9:29 | Views - 854
අඹතලේ ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 10 සිට පැය 10 ක කාලයක් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභාව, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට අද (10) පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.
මීට අමතරව කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්රදේශවලටද ජල සැපයුම අත්හිටවෙනු ඇති.
Share This Article