වැට් බදු පනත් කෙටුම්පත - වැඩි ඡන්දයෙන් සම්මතයි
Friday, 09 December 2022 - 17:44 | Views - 463
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (වැට්) දෙවැනි වර කියවීම අද (09) වැඩි ඡන්ද 30කින් සම්මත වුණා.

ඒ අනුව, මෙම කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 52ක්. 

up date..

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් සංශෝධන බදු පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

ඒ අනුව ඒවා ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට බලපැවැත්වෙන අතර, මෙමඟින් වැට් බද්ද 12% සිට 15% දක්වා ඉහළ නංවා තිබෙනවා.

මේ දක්වා වාර්ෂික පිරිවැටුම මත ආයතනවලින් වැට් බද්ද අය කරනු ලැබුවේ රුපියල් මිලියන 300 ට වැඩි ආයතනවලින් පමණයි.

කෙසේ වෙතත්, නව සංශෝධනයත් සමඟ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 80 ට වැඩි ආයතනද වැට් බද්දට යටත් වනු ඇති.

එසේම, සුඛෝපභෝගී මහල් නිවාස මත ද වැට් බදු පැනවීමක් සිදු කෙරුණා.

අද පාර්ලිමේන්තුවේ දී මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත්වලට අදාළ විවාදය පැවැත්වුණු අතර, අවසානයේදී ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වුණා.

ඒ අනුව එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 82 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 41 ක් පමණයි.

එසේම, දේශීය ආදායම් සංශෝධන බදු පනත් කෙටුම්පත තුන්වන කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 79 ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top