ලබන වසරේ සිට පාසල් විෂය මාලාවට - කෘත්‍රීම බුද්ධිය
Friday, 09 December 2022 - 16:57 | Views - 3,144
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එයා ගිය රැකියාවක් සොයා ගැනීම පවා දුෂ්කර වනු ඇති බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.
එවැනි පසුබිමක ඒ සඳහා පූර සූදානමක් සඳහා ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාශය සඳහන් කරනවා.
ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය ද ලෙසට පාසල් විෂය මාලාවට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මීට පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමට නියමිත ව තිබුණත් විද්වත් මතය අනුව 8 ශ්‍රේණියේ සිට ම එම විෂය පාසල් විෂය මාලාවට ඇතුළු කරන බව යි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ඒ අනුව, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වැනි සියවසට උචිත මානවයකු බිහි කළ නො හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරනවා.
Share This Article