" රමිස් "පද්ධතිය අක්‍රියවීම - විශාල පාඩුවක් ?
Friday, 09 December 2022 - 16:26 | Views - 1,283
බදු එකතු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ "රමිස්"පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමෙන් විශාල පාඩුවක් සිදුව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ අද(09) පාලිමේන්තුවේදී සඳහන් කළා.
එම පද්ධතියට වැය කළ වියදමවත් සොයාගෙන නැති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කළ මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් රජයට බදු ආදායම් ගෙන එන බව පවසමින් අලුත් බදු ගෙනවිත් ජනතාව පීඩාවට පත් කරන බවද සඳහන් කිරීමට අමතක කළේ නෑ.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙම අදහස් පැවසුවේ, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දීයි.
Share This Article