දෙවියො දැකල නෑ මම හැබැයි දෙවියො වැඳල තියෙනවා.., තාත්තා කෙනෙක්ගේ අහිමි වීම පුතෙක් කොහොම දරන්නද ? (Video)
Friday, 09 December 2022 - 11:14 | Views - 1,607
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මීට මොහොතකට පෙර සිය දිවිසැරිය නිමාවට පත් කළා.

“හින්දි නුවන්” ලෙසින් ප්‍රසංග වේදිකාව හැඩ වැඩ කළ නුවන් තමන්ට ම අනන්‍ය හඬකින් රසික සිත් සතන්හි ආදරණීය සිහිවටනයක් බවට පත්වුණා.

නුවන් ආදරණීය දියණියකගේ සහ පුතෙකුගේ පියෙක්.

නුවන්ගේ පුතණුවන් වන්නේ යොවුන්, ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන.

සිය පියාණන්ට අතිශය, අප්‍රමාණව ආදරය කළ ඒ පුත්රුවනට කොපමණක් දුක දැනෙනවා ඇද්ද මේ මොහොත.

මේ ගයාන් කාලෙකට කලින් තාත්තා වෙනුවෙන් අකුරු කරපු සටහනක්..

මම ආස තාත්තා කියනවට වඩා මෙහෙම කියන්න
තාත්තා කෙනෙක් කියන්නෙම වගකීම් වල හිරවුනු
යුතුකම් නොපිරිහෙලා ඉශ්ට කරපු ....
තමන්ගේ දරුවෝ ගැන තමන්ට වඩා මහ ඉහලින් හොයලා බලන....
තමන් ලඟ නැති හැමවෙලේම
මොන තැනක පරිස්සමෙන් හිටියත්
හිතේ තදේට ......
කෝල් එකක් අරන්
"පුතේ ඔයා පරිස්සමෙන් නේද අහන"
ගෙදරින් පිට හිටියත් ගෙදර එනකම් මඟ බලන් ඉන්න
තවත් රුවක් තියේද මේ ඇස් ඉදිරිපිට
දෙවියො දැකල නෑ මම
හැබැයි දෙවියො වැඳල තියෙනවා
ඒත් කිසිම කන්නලව්වක් නොකර අපි ආස කරපු හැමදේම ගෙනල්ලා දුන්න
හීන වලට යන්න බැරිව අසරණ
වෙලා ඉද්දි ,
මට හැම අතින්ම හයියක් වෙලා ජීවිතේ ලබන ජයග්‍රහණ වලදී පිටතින් හිනා වෙලා හිත යටින් මහ හුඟාක් ආඩම්බර වෙන
ජීවිතේ කියන ප්‍රශ්න පත්තරේට
සීයට සීයක් හරි විදිහට
උත්තර තිබුන එකම කෙනා
ඒ තමයි මගේ තාත්තා ....
වේදනාවන් දරාගෙන දුක මකාගෙන
ලෝකයක් තරමට සෙනෙහස දෙන
විශ්වයක් තරමට දිරිය දෙන
අහසක් තරමට සෙවණ දෙන
ආදරණීයම හදවත මගෙ තාත්තා .....
තාත්තා කියන්නෙම කවදාවත්
මට ලියල ඉවර කරගන්න බැරි
සංසාර කතාවක් ....
ඒ ආදරේට දෙන්න නිර්වචන නෑ
ඔව් ඔයා මට ලෝකයක් මගේ පණ
ඉපදෙන ඉපදෙන ආත්මෙත් පාසා මගේම තාත්තා වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා මගේ තාත්තේ .....











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top