කොළඹ වායු දූෂණය භයානක තත්ත්වය
Thursday, 08 December 2022 - 14:44 | Views - 2,136

සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ දූලි අංශු ප්‍රමාණය අද(08) සැලකිය යුතු මට්ටමට ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මේ හේතුවෙන් එළිමහන් ක්‍රීඩාවල යෙදීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගෝලයේ පවතින දූලි අංශු ප්‍රමාණය හෙට දිනය වනවිට ඉවත් වනු ඇති බවට විශ්වාස කරන බවයි.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය කියා සිටියේ මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳ සිටීම ද සුදුසු බවයි.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ද අද මෙම තත්ත්වය නිරීක්ෂණය සඳහා කොළඹ නගරයට පැමිණ තිබුණා.
මේ අතර, ගිණිකොන දිග බෙංගලා බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත ව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රීයේ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පද්ධතිය හෙට දිනයේ නිරිත දිග බෙංගලා බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු තමිල්නාඩු පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත ලගා වනු ඇති බවයි.
මැන්ඩවුස් නමැති මෙම කුණාටුව හේතුවෙන් අද සහ උතුර සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article