අයහපත් කාලගුණයෙන් - ඌව පළාතේ පාසල් 26ක් වැසෙයි
Thursday, 08 December 2022 - 13:56 | Views - 18,942
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ පාසල් 26ක් අද (08) වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.රත්නායක කටයුතු කර තිබෙනවා.
එම පළාතට ඊයේ ඇති වූ සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් නිවාස සහ ප්‍රදේශයේ මාර්ග වලට ගස් කඩා වැටී තිබෙනවා. ඒ අනුව පස්සර අධ්‍යාපන කලාපයේ සිංහල සහ දෙමළ පාසල් 20 ක් බිබිල කලාපයේ පාසල් 3 ක් සහ මොනරාගල කලාපයේ පාසල් 3 ක් මෙලෙස වසා දැමුණා.
මීට අමතරව පස්සර - කනවරැල්ල මංසන්දියේ සිට නමුණුකුල ක්ලබ් හන්දිය දක්වා කොටස සම්පූර්ණයෙන්ම වසා දැමුණේ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන්.
Share This Article