කැලණිවැලි මාර්ගයට - නව කාල සටහනක්
Monday, 05 December 2022 - 14:21 | Views - 1,698
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට නව කාල සටහනට අනුව ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
නව වේගසීමා අනුව දිගින් දිගටම සිදුවන දුම්රිය ප්රමාදයන් අවම කිරීම සඳහා කැලණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය සඳහා නව කාලසටහනක් හඳුන්වා දීමට කටයුතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා නව කාල සටහන සැකසීම මේ දිනවල සිදුවන අතර, එය මෙම සතිය තුළ ප්රකාශයට පත්කිරීමට නියමිත බව ද දෙපාර්තමේන්තුව සඳහා කර සිටියා.
උපුටා ගනීම - ලංකාදීප
Share This Article