
ඔලිව් තෙල් කියන්නේ පෝෂණීය සංඝටක රැසක්ම අඩංගු සිරුරට ගුණදායී තෙල් වර්ගයකි. එනිසාම බොහෝමයක් ආහාර වර්ග පිසීමේදී එය භාවිතයට ගනියි. එසේම ඔබගේ හිස කෙස් සහ සම මත ඇතිවන රූපලාවණ්‍ය ගැටලු සඳහාත් ඉතාම හොඳ ඔෟෂධයකි. අද අපි ඔබ වෙතට ගෙන එන්නේ බොහෝ දෙනකුට ඇතිවන රූපලාවණ්‍ය ගැටලු සඳහා ඔලිව් තෙල්වලින් කරගත හැකි සත්කාර කිහිපයක් පිළිබඳවයි.
දිලිසෙන කෙස් කලඹකට
ඔබගේ වියළි සහ පලුදු වූ හිසකෙස්වලට සුසිනිඳු දිදුලන බවක් ලබා ගැනීමට ඔලිව් තෙල් ස්වල්පයක් ඔබගේ අත්ලට ගෙන හිසකෙස් මත සහ හිස් කබලේ සියුම්ව ආලේප කොට ස්වල්ප වේලාවක් හිස පිරිමදින්න.
දිදුලන සමකට
කපු පුළුන් ස්වල්පයක් ඔලිව් තෙල් මේස හැන්දක ප්‍රමාණයක ගිල්වා ස්වල්ප වේලාවක් තබන්න. ඔබ මේකප් කළ පසුව ඒ මත සියුම් ඔලිව් ඔයිල්වල ගිල්වූ කපු පුළුන් කැබැල්ල මඟින් ඔලිව් තෙල් සියුම්ව තවරන්න. එමඟින් සම පෝෂණය කරනවා මෙන්ම තෙතමනයද ආරක්ෂා කරයි.
සම ඇදීමට ලක්වීම නිසා ඇතිවන කැළැල් මකා ගැනීමට
එම කැළැල් ඇති ස්ථාන ඔලිව් ඔයිල් මඟින් සතියකට තෙවරක් හොඳින් සම්බාහනය කරන්න. මෙමඟින් ඇදෙනසුලු බව වර්ධනය කරයි.
සුසිනිඳු පාද යුගලකට
පාදවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙර පාදවල ඔලිව් ඔයිල් ආලේප කරන්න. විශේෂයෙන්ම රේසර් ආදී උපකරණවලින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී පාදවල සමට හානි වීම සහ කැළැල් ඇතිවීම වළක්වයි.
නියපොතු වර්ධනය වීමට
ඔබගේ නියපොතුවල ඇති කියුටිකල් එක (නියමහ) නිරෝගී කිරීමට සහ එහි වර්ධනයට ඔලිව් තෙල් උපකාරී වේ. සතියකට වරක් ඔලිව් ඔයිල්වල නියපොතු බහා විනාඩි 10ක් පොඟවා ගන්න.
මෘදු තොල් සඟලකට
ඔලිව් තෙල් මේස හැන්දකට තරමක රළු සීනි ස්වල්පයක් මිශ්‍ර කොට දෙතොල් මත ආලේප කරන්න. එමඟින් වියළීම නිසා ඉරිතැළුණු සහ පැළුණු දෙතොල් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරයි.
- දිනූෂා මනෝරි නිශ්ශංක
- උපුටා ගැනීමකි.
61 Views
93 Views
257 Views
155 Views
128 Views
138 Views
147 Views
138 Views
109 Views
177 Views
124 Views
134 Views
208 Views
238 Views
699 Views
11 Views